මාලිමාවෙන් විදුලි බිලට වෙන දෙය ජනපති කියයි.. දැනෙන්නම?. රටම බලා හිටිය පුදුම හිතෙන.. ඒ දෙය මෙන්න..
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ විදුලි බිල සියයට 30කින් අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (09) දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,
"අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යනකොට අපි විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්න ඒකට. ඉන්ධන මිල වුණත් අඩු කරන්න අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්නම්."