විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට තව අවුරුදු 3-4ක් වෙනවා - ඇමති අනිල්

Report

මැතිවරණයෙන් බලයට පැමිණි විගස විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව කම්කරු, මුදල් අමාත්‍ය සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා  පැවසීය.

“රතු ඉර” වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපි ආණ්ඩුව ආ ගමන් ඊළඟ මාසේ විදුලි බිල 1/3කින් අඩුකරනවා කීවේ නෑ. අපි විදුලි බිල 1/3කින් අඩු කරන්න දිගුකාලීන ගමනක් යනවා. අපි කිව්වා අවුරුදු 3-4ක් මේ සඳහා යනවා කියලා. මේක කඩෙන් බඩු ගන්නවා වගේ අඩු කරන්න බෑ. ඒක කොහේ හරි තැනකින් ආවරණය කරගන්න ඕන. නිෂ්පාදන පිරිවැය පහළට ගේන්න ඕන. ඒකට පුනර්ජනනීය විදුලි ධාරිතාව අඩු මිලට වැඩිකරන්න ඕන.

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අවසන් - නව පනත ගැසට් කෙරේ

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අවසන් - නව පනත ගැසට් කෙරේ

එක පැත්තකින් කියනවා සෝලා විදුලියට රු. හැට ගාණේ දෙන්න කියලා. අනික් පැත්තෙන් කියනවා, විදුලි බිල අඩුකරන්න කියලා. මේ ආර්ථික විද්‍යාව නොදන්නකමද? මේක පරස්පර විරෝධියි. අපේ අරමුණ අඩු කිරීම. අඩු කරන්න නම් ජනනය සඳහා පිරිවැය අඩු කරන්න ඕන. ඒකට තමයි විදුලි බල පනත ගෙනැත් විදුලි බලය සඳහා සමාගම් හතරක් හදන්නේ. අපේ සැලසුම පුනර්ජනනීය බලශක්තිය සියයට හැත්තෑව දක්වා වැඩිකර ගැනීම.

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ ඒ මොඩියුලයට ඇතුලත් විය යුතු නැති දෙයක් කියල අපි දන්නවා.. වැරැද්ද සිද්ධ වෙච්ච අයට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ ඒ මොඩියුලයට ඇතුලත් විය යුතු නැති දෙයක් කියල අපි දන්නවා.. වැරැද්ද සිද්ධ වෙච්ච අයට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග

අපට සුළං සහ සූර්ය විදුලිය අවශ්‍යතාවට වඩා නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් එම විදුලිය අපනයනය කරන්න හෝ වෙනත් විකල්පයක් හෝ අවශ්‍යයයි. ඒ සඳහා තමයි ඇමෝනියා සහ ග්‍රීන් හයිඩ්‍රජන් ව්‍යාපෘතිවලට අතගහලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න ඕන. එකපාර අඩු කරන්න බෑ. අපි ක්‍රමිකව වැඩ කරමින් ඉන්නවා අඩු කරන්න”

රියදුරු බලපත්‍ර පිළිබදව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

රියදුරු බලපත්‍ර පිළිබදව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්