විදුලි ගාස්තු වැඩි කරනවා කිව්වේ 15% වුණාට ඔන්න ආයේ 33%ක් කරලා...මෙහෙම ගියොත් ලයිට් නැතුව තමයි ඉන්න වෙන්නේ

CEB Sri Lanka Public Utilities Commission of Sri Lanka Sinhala news Breaking News
By Kaushi Jun 12, 2025 06:36 AM GMT
Kaushi

Kaushi

Report

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ලේකම් සංජිව ධම්මික මහතා විසින් ඒකක තිහත් හැටත් අතර පාවිච්චි කරන පිරිසට සියයට තිස්තුනයි දශම තුනයි තුනකින් විදුලි බිල වැඩි වී ඇති බව ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අංශවලින් බරපතළ අනාවරණයක්..විශේෂයෙන්...දරුවන්ව පාසල් යවන්න එපා

සෞඛ්‍ය අංශවලින් බරපතළ අනාවරණයක්..විශේෂයෙන්...දරුවන්ව පාසල් යවන්න එපා

ඒ සමස්තයක් ලෙස සියයට පහළොවකින් විදුලි බිල වැඩි වූ බවට මහජන උපයෝගීතා කොමිසම පවසන පසුබිමකයි.

එසේම මාලිමාව බලයට පත් වන්න පෙර සියයට තිස්තුනකින් විදුලි බිල අඩු කරන බව පැවසූ බව ඔහු කියයි.

එසේ වුවද මේ වන විට මධ්‍යම පාන්තිකයන්ට එය සීයට තිස්තුනක් වැඩි කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඊයේ (11) දින මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.

''මෙව්වර දවසක් ඒකක තිස් එක සහ හැට අතර කාණ්ඩයෙන් එක් විදුලි ඒකකයක් සඳහා අය කළේ රුපියල් හයයි. නව සංශෝධනයෙන් එය රුපියල් 8ක් වෙලා. මාසික ගාස්තුව තිබ්බේ එම කාණ්ඩයට අදාළව රුපියල් 200යි. එය දැන් දෙසිය දහයක් කරලා. රුපියල් හයක් තිබ්බ ඒකකය රුපියල් 8ක් දක්වා වැඩිවන විට ප්‍රතිශතයක් ලෙස බැලුවොත් ඒක 33.33% වෙනවා. මේක මධ්‍යම පාන්තිකයන්ට සුළු කර්මාන්ත කරුවන්ට දැඩි අසාධාරණයක්."

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

ReeCha