මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක්.. සියලු පක්ෂ කැඳවයි..

By Aruna Feb 14, 2023 05:09 AM GMT
Report

කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට එල්ල වී ඇති බාධක හා ඒවා විසඳා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටු බව ඊයේ රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් දමන්නේ දැයි මෙම සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතව තිබේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද මෙම සාකච්ඡාව සඳහා කොමිසම හමුවට කැදවා ඇත.

රජයේ මුද්‍රණාලය දැනටමත් දන්වා ඇත්තේ මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බවයි.

මේ වන විට මැතිවරණය සඳහා ඉල්ලන ලද මුදල් මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට මුදාහැරීමට කටයුතු කර නැත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now