මැතිවරණයට අදාළ අතුරු තහනම් නියෝගය ගැන ආණ්ඩුව කරන්න යන දේ
මැතිවරණයට අදාළව අධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් අද (10) රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය, ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ විමර්ශනය අවසන් වනතෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසටයි.
එමෙන්ම මහ මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට අදාළව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය ද එලෙස වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |