ඡන්දය පැවැත්වීමේ දිනය ගැන ගත් අලුත්ම තීරණය..

Election Commission of Sri Lanka Sri Lanka Sri Lankan local elections 2023
By Sithumi Mar 03, 2023 11:33 AM GMT
Sithumi

Sithumi

Report

මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් තීරණය කිරීමට අද (03) මැතිවරණ කොමිෂන් සභාව රැස්වී තිබු අතර එහිදී, මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ මුල් දින කිහිපයට කල් දමා තිබේ.

එනම්, ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යවරයා ඇතුළු එහි ලේකම්වරයාට නිකුත් කළ නියෝගයක් හේතුවෙන් මෙලෙස දිනයක් තීරණය කිරීම කල්දමා තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු ඡන්දයක් පැවැත්වීමට අදාළ වන පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව ලබන සතියේ මුල් දින කිහිපය තුළ මෙම සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවත් නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යවරයා ඇතුළු එහි ලේකම්වරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබුණි. එම කරුණ පදනම් කරගනිමින් මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now