කතෝලික පියතුමාට පහරදුන් පොලිස් නිලධාරින් ඇප
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර එහිදී අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ඇපමත මුදා හැර ඇත.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදහැරීමට නියෝග කර ඇති අතර සැකකාර පොලිස් නිලධාරින්ගේ විදේශ ගමන් තහනම් කර ඇත.
තවද ඔවුන්ගේ වැඩතහනම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට ද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ගෙන් තිදෙනෙකු පියතුමා විසින් හඳුනාගෙන ඇති අතර ඉන් එක් අයෙකු පහර දුන් බව ද උන්වහන්සේ පොලිසියට පවසා ඇත.
එමෙන්ම අනෙක් නිලධාරින් දෙදෙනා එම අවස්ථාවේදී ඒ අසල සිටි අය බවට ද පියතුමා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම නඩුව ලබන අප්‍රේල් මස 30 වැනිදා කැඳවීමට නියෝග කර ඇත.