ඩිජිටල් තිර බෑ.. මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ යම් කිසි දිස්ත්‍රික්කයක හෝ නගරයක ඩිජිටල් තිර භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම නීතිවිරෝධි බවයි.

ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ එවැනි ප්‍රචාරණ කටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස ය.

ලාෆ් ගෑස් වලට මොකද වුණේ?. නැද්ද?.

ලාෆ් ගෑස් වලට මොකද වුණේ?. නැද්ද?.


වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ඔබගේ දිස්ත්‍රික්කයේ, ඔබගේ නගරයේ ඩිජිටල් තිරයක යම්කිසි ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකරනවා නම් කරුණාකරලා ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම්දෙන්න ඒ අනුව පොලීසිය කටයුතු කරයි. මේක සම්පූර්ණ නීතිවිරෝධී ක්‍රියාවක්. මේක බලහත්කාරයෙන් මිනිස්සුන්ට ප්‍රචාරක කටයුතු කිරීමක් කරන්නේ. මුදල් ගෙවා හෝ ප්‍රදර්ශනය කිරීම තහනම්. හේතුව ඒවා පොදු ස්ථානයක පොස්ටරයක් ප්‍රදර්ශනය කිරීම හා සමාන වෙනවා. ඒ නිසා එය ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ නිසා ඩිජිටල් තිර මත දැන්වීම් යැවීම සම්පූර්ණයෙන් නීතිවිරෝධී ක්‍රියාවක්. මීට ඉහත මැතිවරණයකදී අධිකරණ තීන්දුත් අරගෙන තියෙනවා. අපි ඒ අනුව අධිකරණය යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා.."

හෙරොයින් කළ හරියක්.. වරදකරුවෙක් වුණ එක්දරු පියෙක්ට ලැබුණ දඩුවම..

හෙරොයින් කළ හරියක්.. වරදකරුවෙක් වුණ එක්දරු පියෙක්ට ලැබුණ දඩුවම..


එමෙන්ම, සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ අයුතු බලපෑම් මගින් ඡන්දය ලබාගැනීමට යම් අපේක්ෂකයෙකු කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව අදාළ දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට හෝ පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසයි.