හෙරොයින් කළ හරියක්.. වරදකරුවෙක් වුණ එක්දරු පියෙක්ට ලැබුණ දඩුවම..

Report

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ අද (28) කොළඹ මහාධිකරණය විසින් ය. 

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකුට ය.

එකවරම දුම්රියක් පීළි පනි.. සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්..

එකවරම දුම්රියක් පීළි පනි.. සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්..


2016 වසරේ නොවැම්බර් මස 8 වැනිදා බොරැල්ල නව මැගසින් බන්ධනාගාරය පිටුපස මාර්ගයේ සිදුකළ සෝදිසියකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.07 ක් සමග මෙම විත්තිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නඩු පවරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙම විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවය.

රත්තරං ගන්න හිත හිත ඉන්නවා නම් මෙන්න මිල ගණන් ටික.. වෙලා තියෙන දෙය මෙන්න..

රත්තරං ගන්න හිත හිත ඉන්නවා නම් මෙන්න මිල ගණන් ටික.. වෙලා තියෙන දෙය මෙන්න..


විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට මාසයක් වයසැති දරුවකු සිටින බවද ඔහුට පෙර වැරදි නොමැති බවත් සඳහන් කර ඇත.

ඒ එබැවින් ඔහුට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළා ය.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය.