මැතිවරණය සදහා ඉල්ලුම්කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..! ස්ථාන මාරු ලබා දීමට සැරසේ..
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ, පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලුම්කළ රාජ්‍ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ය.
දැනට අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු රාජ්‍ය සේවකයින්ට මෙමගින් පෙර සේවය කළ ස්ථානයටම ස්ථාන මාරු හිමිවන ඇති බවයි, රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව කියා සිටියේය.
"පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ සිටිනවා. ඔවුන්ගේ අභියාචනා සළකා බලා නැවත සේවයේ පිහිටුවීම සදහා අප විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටුවන අතර එම රාජ්‍ය සේවකයින් නැවත සේවය කළ ස්ථානයටම යොමු කිරීමට ද කටයුතු කරනවා. එහිදී ඔවුන් කිසිදු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙසට ද අප විසින් කොන්දේසියක් පනවනවා."
"ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවක තනතුරු 2700ක පමණ ප්‍රමාණයක් ලබන 02 වනදා වන විට විභාගයට පෙනී සිටීමට නියමිතයි. ලබන වසරේ පෙබරවාරී මස 04 වනදාට පෙර ඔවුන් සේවයේ යෙදවීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම පළාත් පාලන ආයතන තුළ සිටින 8400ක අනියම් සේවකයින් අනිවාර්යෙන් ස්ථිර සේවයේ පිහිටුවීමට ද කටයුතු කරනවා."
