ලබන 19 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු රට පුරා වෙන දේ මෙන්න..
ආර්ථිකයේ නාමයෙන් රටේ ප්රජාතන්ත්රවාදය යටපත් කිරීමට ඡන්දදායකයාගේ අයිතිය අහුරා තැබීමට පාලකයන්ට ඉඩ ලබාදීම කිසිසේත්ම රටේ යහපැවැත්මට හිතකර තත්ත්වයක් නොවන බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, ලබන 19 වනදායින් නිළ කාලය අවසන් වන පළාත් පාලන ආයතන සඳහා විශේෂ කොමසාරිස්වරුන් ලෙස මහජන නියෝජිතයින් පත් කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බවට ද වාර්තා වන බවයි.
කෙසේවෙතත් දේශපාලඥයින් මෙන් වෙනත් කිසිදු පාර්ශවයකට මහජනතාවගේ ගැටළු කඩිනමින් විසදිය නොහැකි බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ.
මේ අතර පළාත් පාලන ආයතන සඳහා පත්වන සභිකයන් වෙනුවෙන් වියදම් කිරීමට වැයකරන මුදල් සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වීමට පෙර තීරණයක් ගත යුතු බව ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා පෙන්වා දුන්නා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |