තිදරු වයෝවෘද්ධ මවකගේ නිරුවත් මළසිරුර නිවසේදී හමුවේ ..

By Piyumika Aug 12, 2024 04:49 AM GMT
Report

තිදරු වයෝවෘද්ධ මවක් අත්පා ගැට ගසා නිරුවත් කර මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයේ ඇගේ නිවස තුළදී අබිරහස් අයුරීන් මරා දමා තිබියදී ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත සොයා ගත් බව මදුරන්කුලිය පොලීසිය වාර්තා කර තිබේ.

තරුණ ජිවිත දෙකක් අකාලයේ අවසන් වූ මාරක අනතුරු..

තරුණ ජිවිත දෙකක් අකාලයේ අවසන් වූ මාරක අනතුරු..

 මෙලෙස අවාසනාවන්ත අයුරීන් ඝාතනය කර ඇත්තේ මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයෙ පදිංචි 71 හැවිරිදි සෙල්වමරික්කාර් අයිනා උම්මා නැමති තිදරු මවකි.

ඇය තමාට අයත් පොල් ඉඩමේ තිබූ නිවසේ වාසය කර ඇති අතර දරුවන් ඇයව බැලිමට පැමිණ ඇත්තේද ඉඳහිට බවත් වාර්තා වේ.ඇය ද දරුවන්ගේ නිවෙස් වෙත යාමට එතරම් කැමැත්තක් තිබි නොමැති විම මත තනිව නිවස තුළම රැදි සිට ඇති බවද පරික්ෂණ වලදි සනාථ වී ඇත.

මෙන්න මේ ප්‍රදේශ වලට අද පැය 15ක් ජල සැපයුම අත්හිටුවයි..

මෙන්න මේ ප්‍රදේශ වලට අද පැය 15ක් ජල සැපයුම අත්හිටුවයි..

මෙම කාන්තාව ඇගේ නිවසේ නිදි යහන මතම ඝාතනය කර තිබූ බවත් ඇයගේ සිරුර බාහිර තුවාල කිසිවක් දැක ගත නොහැකි වු බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසා ඇත .මෙම වත්තට පොල් අතු රැගෙන යෑමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මෙම දේහය දැක පොලිසිය දැනුවත් කර තිබෙයි.

මෙම නිවසේ තිබූ මරණකාරීයට අයත් මුදල් සහ රන් ආභරණ පැහැර ගැනීමට මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සැකකරයි මදුරන්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

තිදරු වයෝවෘද්ධ මවකගේ නිරුවත් මළසිරුර නිවසේදී හමුවේ .. | Elderly Mother Of Three Has Been Murdered At Home