තත්ත්වය අවදානම් - ඉදිරියේදිත් වැසි නෑ

Report

අමතරව, ඉදිරි කාලගුණ විපර්යාසයන් සහ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත තවත් වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කර සිටියි.

මැයි 15 න් පසුව අපේක්ෂා කරන සුළං රටාවේ වෙනස්වීමත් සමඟ, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල රළු ස්වභාවයක් ඇතිවිය හැකි බවත්, මේ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බවත් පෙන්වා දෙනු ලැබීය.

විශේෂයෙන්ම නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වීමත් සමඟ මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයන්හි සුළගේ වේගය ඉහළ යා හැකිය.

රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක, ලැප්ටොප්, දුරකථන, සිම් කාඩ් ඇතුළු සියල්ල විශේෂ පරීක්ෂාවකට

රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක, ලැප්ටොප්, දුරකථන, සිම් කාඩ් ඇතුළු සියල්ල විශේෂ පරීක්ෂාවකට

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් නිරිතදිග මෝසම් වැසි අඩුවීමෙන් ජලාශවල ජල මට්ටම් පහත වැටීමේ අවදානමක් පවතින බැවින්, කෘෂිකාර්මික කටයුතු සැලසුම් කිරීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.

එසේම, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, උස් ගස් හෝ විදුලි රැහැන් අසල රැඳී සිටීමෙන් වළකින ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

මේ පාර දන්සල් දෙන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්

මේ පාර දන්සල් දෙන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්