බිත්තර මිලට මොකද වෙන්නේ? සංගමයෙන් නිවේදනයක්
By Kanchana
බිත්තරයක මිල රුපියල් 10කින් පහළ දමන බවට සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළද එලෙස බිත්තර මිල පහළ දැමිය නෙැහැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සහ ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාකදයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා පළකළේ මෙවැනි අදහසක්,
"මේ අවස්ථාවේ බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 28 ක් වෙනවා. පසුගිය මාස කිහිපයේම නිශ්පාදකයන් බිත්තර අලෙවි කළේ නිෂ්පාදන මිලට අඩුවෙන්. මෙම මිල නිවේදනය කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ වෙළදුන් අසරණ වෙලා තියනවා. මාකට් එක ගැන කිසිම දැනුමක් නැතුව සංගමයක් අනවශ්‍ය විදිහට මැදිහත් වීමක් වෙලා තියනවා .ඒකෙන් නිෂ්පාදන ආර්ථිකයට විශාල හානියක් වෙනවා. ඒ වගේම සුළු පරිමාණ ගොවීන් ඔවුන් අසරණ වෙලා තියනවා .මෙලෙස අනවශ්‍ය ලෙස මේ සදහා මැදිහත් වෙන සංගම් පිළිබද රජය මැදිහත් විය යුතුයි . ඒවා නියාමනය කළ යුතුයි. නැතිනම් වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපන වෙන එක "
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ බිත්තර මිල නියාමනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවයි.