මිල 37යි.? - බිත්තර මිල සහ බිත්තර වෙළඳපොළ ගැන රජය ගත් අලුත්ම තීරණය.

Report

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වන විට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇත.

බිත්තරයක මිල පහලට.? - දේශීය බිත්තරයක මිල වෙනස් වුණේ මෙහෙමයි.

බිත්තරයක මිල පහලට.? - දේශීය බිත්තරයක මිල වෙනස් වුණේ මෙහෙමයි.

 

ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37 ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් වී තිබෙන බව රජය සඳහන් කරනවා.

ඒ අනුව, එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්‌මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කර තිබෙනවා.

කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.- මස් වර්ග වල නව මිල ගණන් මෙන්න.

කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.- මස් වර්ග වල නව මිල ගණන් මෙන්න.