නවක වදය හේතුවෙන් මියගියා යැ‍‍යි කියන වව්නියාව සරසවි සිසුවා සම්බන්ධ විමර්ශන

Report

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ නවක වදය හේතුවෙන් වව්නියාව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මියගොස් ඇතැයි කියන සිදුවීම ගැන විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.

ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා එම විමර්ශන ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ  කර   තිබේ.

මෙම සිසුවා වවුනියාව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලැබූ අයෙකි. ඔහු පදිංචිව සිට ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ ය.

ඒ වගේම   ඔහු   වයස අවුරුදු 23 පමණ වන  තරුණයෙකි.

තවද ඔහු හෘද රෝගයක් සඳහා කාලයක සිට ප්‍රතිකාර ගන්නා අයෙකු බව හෙළිවී තිබේ.

හිස් වුණු වැලිගම සභාපති පුටුව ගැන තීරණයක්

හිස් වුණු වැලිගම සභාපති පුටුව ගැන තීරණයක්

වව්නියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ.අත්පුතරාජා මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි .

එම වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් කියා සිටියේ නවක වධය දීමේ සිද්ධියකදී මොහුට අධික ලෙස මත්පැන් පානය කිරීමට දීම නිසා රෝගී තත්ත්වය උත්සන්න වී ඔහු මියගිය බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව  තව  දුරටත් විමර්ශන කටයුතු පොලීසිය  විසින්   සිදු කරනු ලබයි.

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න