"..ලංකාවට යන්න එපා.." රටවල් දෙකකින් සංචාරකයින්ට දැඩි උපදෙස්

Report

අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දෙරටේ පුරවැසියන්ට උපදෙස් දී තිබේ.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ඖෂධ,ගෑස්,ඉන්ධන සහ ආහාර ඇතුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වී ඇත.

පෙට්‍රල් සහ ඩීසල් උග්‍ර හිඟය ව්‍යාපාර,හදිසි සහ ප්‍රවාහන සේවා වලට දැඩි බලපෑමක් එල්ල කර ඇත. දිනපතා විදුලි විසන්ධි කිරීමද සිදු වේ.මේ හේතුවෙන් ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තා හට ගන්නා අතර විරෝධතා ද පැවැත්වේ.

ඉතා කෙටි දැනුම්දීමකින් මාර්ග බාධක දැමීම,විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීම සිදු විය හැක.එම නිසා අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්න යැයි ජූලි 5 වැනිදා යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනයේ දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now