රට කාලා රටින් පලා ගිය ගෝඨාගේ සෙනෙහස (PHOTOS)
ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයා ලෙස විරුධාවලිය ගත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය බිරිඳ සමග මේ සිංහල අලුත් අවුරුද්දේ දී ඔන්න නෑගම් ගිහින් චාරිත්‍ර ඉටු කරලා. ඉතින් ඒ ගැන අයියණ්ඩි මහින්ද තැබූ ආශීර්වාදාත්මක සටහනක් මෙන්න.
'මාගේ සොහොයුරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය මා හමුවීමට විජේරාම නිල නිවසට පැමිණි අතර අපි ඉතා සුහද පිළිසඳරක යෙදුණෙමු.
අලුත් අවුරුද්ද දිනයේදී බුලත් හුරුළු අතැතිව පැමිණි ඔවුන් දුටු විට මට සිහිපත් වූයේ බක්මහේ නෑගම් යාමේ චාරිත්‍රයයි.
ඔවුන් දෙපළට සමෘද්ධිමත් මෙන්ම නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි. එම අවස්ථාවට හිතවතුන් කිහිප දෙනෙකු ද සම්බන්ධ වූ අතර ඔවුන්ට ද මම සමෘද්ධිමත් මෙන්ම නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි.'






