ලෝකෙම උඩු දුවන භයානක ඉබෝලා වෛරසය ගැන ලංකාවම දැන ගත යුතු කතාවක් - දැනුවත් වන්න

Report

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ විසින් වරින් වර ලෝකයේ අවධානයට ලක් කරන භයානකම බෝවන රෝගයක් වශයෙන් ඉබෝලා 'Ebola' වෛරස් රෝගය දක්වයි.

එය මිනිසුන්ට මෙන්ම වානරයින් වන ගෝරිල්ලන්, චිම්පන්සීන් වැනි සතුන්ට ද වැළඳෙන, මරණ අනුපාතය ඉතා ඉහළ එනම් දළ වශයෙන් 50% ක පමණ දරුණු රෝගයක් බව සඳහන්.

එම වෛරසය සහ එහි ව්‍යාප්තිය පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. මෙම ඉබෝලා වෛරසය කොවිඩ්-19 හෝ සෙම්ප්‍රතිශ්‍යාව මෙන් වාතය මඟින් බෝ නොවේ.

එය සෘජු ස්පර්ශයෙන් පැතිරේ. එසේම වෛරසය ආසාදනය වූ වවුලන් හෝ වනසතුන්ගේ මස් පරිහරණයෙන් හෝ අනුභවයෙන් රෝගය මිනිසුන්ට වැළඳෙන බව සඳහන්.

මේ රෝගීන්ගේ වර්ධනයක් - කණගාටුදායක හෙළිදරව්ව

මේ රෝගීන්ගේ වර්ධනයක් - කණගාටුදායක හෙළිදරව්ව

එමෙන්ම ආසාදිත රෝගියෙකුගේ ලේ, වමනය, මළපහ, කෙළ, දහඩිය හෝ ශුක්‍රාණු වැනි ශරීර ද්‍රවයන් සෘජුවම වෙනත් අයෙකුගේ තුවාල වූ සමක් හෝ ශ්ලේෂ්මල පටල, ඇස්, නාසය, මුඛය හරහා ඇතුළු වීමෙන් රෝගය බෝ වන බව පවසයි.

එසේම රෝගීන් භාවිත කළ ඉඳිකටු, ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් ස්පර්ශ කිරීමෙන් ද මෙය පැතිර යා හැකි බව සඳහන්.

එමෙන්ම ඉබෝලා ආසාදිතයෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝවිය හැක්කේ එම රෝගියා ක්‍රියාකාරී ලෙස රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් පසුව පමණක් බව ද පවසයි.

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්

එසේම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස,

වෛරසය ශරීරගත වී දින 2 සිට 21 දක්වා කාලය තුළ බොහෝ විට දින 8-10 අතර රෝග ලක්ෂණ මතු වේ.

මුල් අවධියේ දී තද උණ, දරුණු හිසරදය, ඇඟපත සහ හන්දිපත් රුදාව, දැඩි තෙහෙට්ටුව සහ උගුරේ අමාරුව ඇති වේ.

පසුකාලීනව දැඩි වමනය සහ පාචනය, බඩේ කැක්කුම, වකුගඩු සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම.

රෝගය උත්සන්න වන විට ශරීරයේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් විදුරුමස්වලින් හෝ මළපහ සමඟ ලේ ගැලීම් සිදුවිය හැක.

අතීතයට සාපේක්ෂව වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව හේතුවෙන් ඉබෝලා රෝගයෙන් ජීවිත බේරා ගැනීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති අතර රෝගියා විජලනය වීම වැළැක්වීම සඳහා සේලයින් සහ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කඩිනමින් ලබා දීම අත්‍යවශ්‍ය වන බව සඳහන්.

එසේම වෛරසය මර්දනය කිරීම සඳහා සාර්ථක "මොනොක්ලෝනල් ප්‍රතිදේහ" 'Monoclonal Antibodies' ප්‍රතිකාර ක්‍රම මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වේ.

රණවිරු ස්මාරකය අසළ උණුසුම් තත්ත්වයක් - පුෂ්පෝපහාර දක්වන්න ගිය විමල් පොලීසිය එක්ක හැප්පෙන්න ගිහින් බිම වැටෙයි..අධිකරණ ක්‍රියාමාර්ග

රණවිරු ස්මාරකය අසළ උණුසුම් තත්ත්වයක් - පුෂ්පෝපහාර දක්වන්න ගිය විමල් පොලීසිය එක්ක හැප්පෙන්න ගිහින් බිම වැටෙයි..අධිකරණ ක්‍රියාමාර්ග

මේ අතර රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට සහ සෞඛ්‍ය අංශ සේවකයන්ගේ ආරක්ෂාව සඳහා ඉතා සාර්ථක එන්නතක් වන Ervebo එන්නත දැනට භාවිත කරමින් පවතී.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් කඩිනමින් හඳුනාගෙන හුදෙකලා කිරීම සහ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙම වෛරසය රටක් තුළ පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බව‍යි.

එවැනි පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප්‍රිකානු කලාපයේ එනම් කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාවේ පවතින ඉබෝලා ව්‍යාප්තියක් නිසා ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතත්, ඉබෝලා වෛරසය ශ්‍රී ලංකාවට සෘජුවම බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඉතාමත් අවම මට්ටමක පවතින බව සඳහන්.

ඊට ප්‍රධාන හේතු ලෙස දක්වන්නේ ඉබෝලා යනු ඉහත සඳහක් කළ පරිදි කොවිඩ්-19 හෝ ඉන්ෆ්ලුවෙන්සා මෙන් වාතය හරහා හෝ සාමාන්‍ය ස්පර්ශයකින් කැස්ස, කිවිසුම් මගින් වේගයෙන් පැතිරෙන රෝගයක් නොවීමයි. එසේම එය බෝවීමට නම් ආසාදිතයෙකුගේ ලේ හෝ ශරීර ද්‍රව සෘජුවම ස්පර්ශ විය යුතු බවයි.

කෙසේ වෙතත් ලංකාව සහ වෛරසය බහුලව පවතින අප්‍රිකානු කලාපීය රටවල් අතර සෘජු සංචාරක සබඳතා හෝ දිනපතා සිදුවන ගුවන් ගමන් පවතින්නේ ඉතා අවම මට්ටමකයි.

එමෙන්ම ඉබෝලා ආසාදිතයෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝවන්නේ එම පුද්ගලයාට තද උණ, වමනය වැනි දරුණු රෝග ලක්ෂණ මතු වූ පසුව පමණක් වේ.

ලංකාව ආයෙත් කඩා වැටෙයිද? ආර්ථිකය ගැන හොද කිව්වට ඇත්තම තත්ත්වේ මහ බැංකුවෙන් හෙළි කරයි

ලංකාව ආයෙත් කඩා වැටෙයිද? ආර්ථිකය ගැන හොද කිව්වට ඇත්තම තත්ත්වේ මහ බැංකුවෙන් හෙළි කරයි

එබැවින් රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් සමාජයට වෛරසය පැතිරීමේ අවදානමක් නැති බව සඳහන්.

කෙසේ වෙතත් රට තුළට වෛරසය ඇතුළුවීමේ අවදානම අවම වුවද, ලංකාවේ සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අවධානියෙන් පසු වෙන බව සඳහන්.

එසේම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු මෙරටට ඇතුළුවීමට හැකි සියලුම ස්ථානවල සෞඛ්‍ය ඒකක මඟින් අවදානම් සහිත රටවල සිට පැමිණෙන මගීන් පිළිබඳව නිරීක්ෂණ කටයුතු සිදු කරයි.

ඊට අමතරව යම් ලෙසකින් සැකකටයුතු රෝගියෙකු හමු වුවහොත් වහාම ඇතුළත් කර ප්‍රතිකාර කිරීම සහ හුදෙකලා කිරීම සඳහා මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය (IDH) වැනි විශේෂිත රෝහල් සූදානමින් පවතින බව පවසයි.

ඒ හේතුවෙන් මේ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති අතර, වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබාදෙන නිල උපදෙස් පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් බව සඳහන්. 

තව ටිකක් අඩු වුණොත් නම් රත්තරන් ගන්න පෝළිමේ එයි - අද හැමෝම පුදුම කළ රන් මිල මෙන්න

තව ටිකක් අඩු වුණොත් නම් රත්තරන් ගන්න පෝළිමේ එයි - අද හැමෝම පුදුම කළ රන් මිල මෙන්න