පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාව සමඟ කිරිඇල්ලත් කට අරී

Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර කිහිපයකට පසු ප්‍රථම වතාවට නිර්දේශ ඇතුළත් ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී ඇති බැවින්, ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ අවසන් තීරණය ගැනීම අධිකරණයට භාර කළ යුතු බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ කිරිඇල්ල මහතා, "පාස්කු ප්‍රහාරයෙන් පසුව බලයට පත්වූ ආණ්ඩු කිහිපයක්ම විමර්ශන කොමිෂන් සභා පත් කළා. එම කොමිෂන් සභාවල විවිධ නිර්දේශ තිබුණත්, කිසිදු අවස්ථාවක එම නිර්දේශ අධිකරණය වෙත නිසි ලෙස ඉදිරිපත් වී තිබුණේ නැහැ. නමුත් දැන් ප්‍රථම වතාවට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පිටු 25ක ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා"

තොරතුරු ලැබිලත් ක්‍රියාත්මක නොවුණොත් මෙහෙම කරන්න පුළුවන් - වටගල බෑ කිව්වට ආනන්ද හා කියයි

තොරතුරු ලැබිලත් ක්‍රියාත්මක නොවුණොත් මෙහෙම කරන්න පුළුවන් - වටගල බෑ කිව්වට ආනන්ද හා කියයි

එසේම විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ල වුවද, ඕනෑම සිදුවීමක අවසන් තීරණය දීමේ බලය ඇත්තේ අධිකරණයට පමණක් බවත්, අධිකරණ ක්‍රියාදාමයට බාධා නොකළ යුතු බවත් ඔහු අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ,"අපේ රටේ තිබෙන්නේ ඉතාමත් විශිෂ්ට සහ විශ්වාසනීය අධිකරණ පද්ධතියක්. අපේ විනිශ්චයකාරවරුන් ජාත්‍යන්තර අධිකරණවල පවා තනතුරු හොබවා තිබෙනවා.

එම නිසා පාස්කු මහමොළකරුවන් සෙවීමේ වගකීම සහ ඒ පිළිබඳ තීරණය ගැනීම අධිකරණයට භාර දී, එම ක්‍රියාවලියට සහාය දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන්.

මුජ්බර් රහුමාන්ට IS එක්ක සම්බන්ධයක් තිබුණද? ආන්දෝලනාත්මක චෝදනාවක් එළියට

මුජ්බර් රහුමාන්ට IS එක්ක සම්බන්ධයක් තිබුණද? ආන්දෝලනාත්මක චෝදනාවක් එළියට

රැස්වීමකදි අනවශ්‍ය වැඩ කරන්න ගිය මාලිමාවේ පිරිසකට දැඩි විරෝධයක් - උණුසුම් තත්ත්වයක් මැද හූ තියා එළවයි

රැස්වීමකදි අනවශ්‍ය වැඩ කරන්න ගිය මාලිමාවේ පිරිසකට දැඩි විරෝධයක් - උණුසුම් තත්ත්වයක් මැද හූ තියා එළවයි