ලංකාවට සමීප රටකට ප්‍රබල භූ කම්පනයක්..දැනට 04ක් මරුට..ලංකාවටත් කම්පන බලපෑමක්..

Sri Lanka Earthquake Iran Death World
By Aruna Jun 19, 2024 02:02 AM GMT
Aruna

Aruna

Report

ඉරානයේ කාෂ්මාර් නගරයට රික්ටර් මාපක 4.9ක ප්‍රබල භූකම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ, ඉන් 120ක් තුවාල ලබා ඇති අතර, මියගොස් ඇති සංඛ්‍යාව 04ක් බවයි.

මෙම භූකම්පනය ඇතිවී තිබෙන්නේ, එරට වේලාවෙන් ඊයේ (18) පස්වරු 3:24ට බවයි පැවසෙන්නේ.

හදිසියේම උසස් පෙළ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි..හේතුව මෙන්න.

හදිසියේම උසස් පෙළ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි..හේතුව මෙන්න.


මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි සහ නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.

එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉරානයට බලපෑ මෙම භූ කම්පනය ටර්ක්මෙනිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලටද දැනී ඇති බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ වව්නියාවට කිලෝමීටර් 23ක් ඔබ්බෙන් භූචලනයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කළේ., එය රික්ටර් මාපකයේ 2.3ක සුළු භූචලනයක් බවයි.

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්..සුණාමි අනතුරු ඇඟවීමක්?..

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්..සුණාමි අනතුරු ඇඟවීමක්?..


මෙම භූචලනයක් සිදුව ඇත්තේ ඊයේ (18) රාත්‍රියේදී බවයි පැවසෙන්නේ.

නමුත් මෙම භූ චලනයෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන බවයි දන්වා ඇත්තේ.