පාස්පෝර්ට් එක ගන්න ඉන්න අයට මෙන්න විශේෂ දැනුම්දීමක්..

Passport Sri lanka tea Technology
By Aruna Jun 26, 2024 03:02 AM GMT
Aruna

Aruna

Report

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙන බව වාර්තා වනවා.

ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..


කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ, ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බවයි, පාලක ජනරාල්වරයා සඳහන් කරන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙසයි.

දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..

දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..