සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් හමුවේ මැතිවරණ කොමිසමේ රාජකාරි වලට කුමක් සිදු වෙයිද? මහින්ද දේශප්‍රිය උත්තර දෙයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙනවා.
ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බවයි ජනාධිපති කාර්යාලය කියා සිටියේ.
පී.එස්.එම්.චාල්ස්ගේ ඉවත් වීමෙන් පසු මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වය කුමක් වන්නේ ද යන්න බොහෝ දෙනෙකුට පවතින ප්‍රශ්නයක් වන අතර ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ මෙලෙසින්,
''ඉල්ලා අස්වීම් නිසා මැකොස අඩපන වේවිද , මෙයට පිළිතුර නැත යන්න බව හා කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට තිදෙනකු ඇති බව මෙයට පෙර පෝස්ටුවක සටහන් කළෙමි . නැවත නැවත බොහෝ දෙනකු විමසන මේ පැනයට පිළිතුරු ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව එහි කමෙන්ටුවක් ලෙසද පලකළෙමි එය නැවත පහත උපුටා දක්වමි
104.(1). කොමිෂන් සභාවේ රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුත්තේය. (2) (අ) කොමිෂන් සභාවෙි සභාපතිවරයා කොමිෂන් සභාවෙි රැස්වීම්වල මුලසුන දැරිය යුත්තේය. සභාපතිවරයා කොමිෂන් සභාවේ යම් රැස්වීමකට පැමිණ නොසිටියහොත් පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතුරෙන් තෝරා පත්කර ගන්නා සාමාජිකයකු විසින් ඒ රැස්වීමේ මුලසුන දැරිය යුත්තේය .
(ආ) කොමිෂන් සභාවේ තීරණ ,ඒ ඒ තීරණ ගනු ලබන රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නා වූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර, යම් හෙයකින් සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය .
(3) කොමිෂන් සභාවේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබුණද., ඒ නොතකා ක්‍රියාකිරීමට කොමිෂන් සභාවට බලය ඇත්තේය. එවැනි පුරප්පාඩුවක් තිබූ පමණින්ම හෝ යම් සාමාජිකයකු පත්කිරීමෙහි ලා දෝෂයක් තිබූ පමණින් ම , කොමිෂන් සභාවේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් හෝ තීරණයක් නිර්බල නොවන්නේය.නිර්බල වන්නේයයි නොසැලකිය යුත්තේය''
