සිවුරට අත තබා ගිනි තියලා ශිෂ්ටාචාරය ආගාධයට ඇද දමන්න එපා - දුමින්ද දිසානායක

Report

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිවුරට අත තැබීමෙන් හෝ ඊට බාධා කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙවැනි ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ වසර දහස් ගණනක ශිෂ්ටාචාරය ආගාධයට ඇද දැමීමේ බරපතළ අවදානමක් පවතින බවයි.

ලංකාව යනු ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ පදනමක් සහිත රටක් බවත්, සෑම සිංහල ගමකම පාහේ විහාරස්ථාන සහ සංඝරත්නය කේන්ද්‍ර කරගත් දීර්ඝ සංස්කෘතික ඉතිහාසයක් පවතින බවත් ආණ්ඩුව මතක තබා ගත යුතු බව ඔහු සඳහන් කළේය.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

ආණ්ඩුව මේ වන විටත් භික්ෂූන් වහන්සේලාගේ "සිවුරට අත තබා" ඇති බවත්, ඉන් එහාට ගොස් සිවුරට ගිනි තැබීමට කටයුතු නොකරන ලෙසත් ඔහු අවධාරණය කළේය.

අතීතයේ අධිරාජ්‍යවාදී පාලකයන් පවා මහා සංඝරත්නයේ සහ සිවුරේ බලපෑමට අභියෝග කිරීමට ගිය අවස්ථාවලදී විශාල ජන විරෝධයකට මුහුණ දුන් බව දුමින්ද දිසානායක මහතා මෙහිදී මතක් කර දුන්නේය.

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

කිසිවෙකුටත් භික්ෂූන් වහන්සේලාගේ සිවුර හෙළදැකිය නොහැකි බවත්, සිවුරට හානියක් නොවන පරිදි ඕනෑම අධිකරණ ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගෙන යන ලෙස මහානායක හිමිවරුන් පවා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.