තරුණ තරුණියන්ට සුභ ආරංචියක් - 20,000කට වෘත්තීය පුහුණුව ලබාදීමට රජයෙන් සූදානම්
තරුණ තරුණියන්ට සුභ ආරංචියක් - 20,000කට වෘත්තීය පුහුණුව ලබාදීමට රජයෙන් සූදානම් කටයුතු කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ පැවති ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලැබූ තරුණ තරුණියන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින්ය.
මෙහිදී මධ්‍යම පළාතේ පුහුණු මධ්‍යස්ථානවල වෘත්තීය පුහුණුව සාර්ථකව අවසන් කළ තරුණ තරුණියන් 409 දෙනෙකුට සහතිකපත්‍ර ප්රදානය කෙරුණා. එහිදි මධ්‍යම පළාතේ පොල්ගොල්ල පුහුණු මධ්‍යස්ථානය (මහනුවර දිස්ත්‍රික්කය), දොස්තර වත්ත පුහුණු මධ්‍යස්ථානය (පොල්ගොල්ල අනුබද්ධිත), උලපනේ පුහුණු මධ්‍යස්ථානය, දොළුව පුහුණු මධ්‍යස්ථානය, රිකිල්ලගස්කඩ පුහුණු මධ්‍යස්ථානය (නුවර එළිය දිස්ත්‍රික්කය), දඹුල්ල ස්ව්ස් පුහුණු මධ්‍යස්ථානය (මාතලේ දිස්ත්‍රික්කය), අරංගල නාඋල පුහුණු මධ්‍යස්ථානය (මාතලේ දිස්ත්‍රික්කය) යන පුහුණු මධ්‍යස්ථානවල පාඨමාලා හැදෑරූ පුහුණුලාභීන් සඳහා සහතිකපත්‍ර ප්රදානය සිදු කෙරුණා.
එම මධ්‍යස්ථානවල මානව සම්පත් කළමණාකරණය (ඩිප්ලෝමා), පෙරපාසල් පාඨමාලාව (ඩිප්ලෝමා), පැළ තවාන් සංවර්ධන සහායක (NVQ Level 04), මෝටර් කාර්මික ශිල්පී, වෘත්තීය සූපවේදී, පරිගණක චිත්‍ර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පි, මැහුම්, විදුලිකාර්මික, රූපලාවන්‍ය / කේශලාවන්‍ය/ මනාලියන් හැඩගැන්වීම, කෘෂි යන්ත්‍රෝපකරණ අලුත් වැඩියා පාඨමාලාව, කෘෂිකර්ම කේෂ්ත්‍ර සහකාර පාඨමාලාව, පෙර පාසැල් ගුරු පුහුණු පාඨමාලාව යන පාඨමාලා හැදෑරූ පුහුණුලාභීන් සඳහා මෙහිදී සහතික පත්‍ර ප්රදානය කළා. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ, ජාතික තරුණ සේවා සභාව මගින් වසරකට තරුණ තරුණියන් 20,000කට වෘත්තීය පුහුණුව ලබා දෙන බවයි.
එම තරුණ තරුණියන් රැකියා සොයන්නන් බවට පත්කරනවා වෙනුවට, නව රැකියා අවස්ථා උත්පාදනය කරන්නන් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ව්‍යවසායකත්වය වෙනුවෙන් තාරුණ්‍යය නැඹුරු කිරීමට අවශ්‍ය ඒකාබද්ධ වැඩපිළිවෙළ, ඊට අදාළව කටයුතු කරන අමාත්‍යාංශ එක්ව සකස් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි මෙරට තාරුණ්‍ය සවිබල ගැන්වීම වෙනුවෙන් වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ අනුව තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී පවත්වන බවත්, මින් ඉදිරියට තරුණ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී දත්ත සහ තොරතුරු මත පදනම්ව එම කටයුතු සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්යක්ෂ චන්දන උයන්ගොඩ මහතා ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාතේ මධ්‍යස්ථානාධිපතිවරුන්, නිලධාරීන්, පුහුණුලාභීන්ගේ දෙමව්පියන් ඇතුළුව විශාල පිරිසක් එක්ව සිටියා. මෙරට බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ කාර්මික සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ තෙල් සහ ගෑස් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ සූදානමක් - ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් ගවේෂණ සඳහා නව නීති ගවේෂණය හා නිෂ්පාදන කටයුතු සඳහා ගෝලීය බලශක්ති සමාගම් සඳහා ආරාධනා කරමින් නව බලපත්‍ර නිකුත් කිරීමේ වටයක් (Licensing round) ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) නිවේදනය කර ඇත. බටහිර මුහුදු තීරයේ සිදු කරන ලද මූලික ගවේෂණ කටයුතු මඟින් ව්‍යාපාරික වශයෙන් ප්‍රයෝජනවත් විය හැකි ස්වාභාවික ගෑස් නිධි පවතින බව තහවුරු වී ඇති අතර, මේ හරහා මෙරට ඉන්ධන ආනයන මත ඇති දැඩි යැපීම අවම කර ගැනීමට අපේක්ෂා කරයි. මන්නාරම්, කාවෙරි සහ ලංකා ද්‍රෝණි (Mannar, Cauvery, and Lanka Basins) ඉලක්ක කර ගනිමින් මෙම නව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නියමිතයි. මෙම නව බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ වැඩිදුර විස්තර ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. 1960 ගණන්වල අගභාගයේ ආරම්භ වූ මෙරට තෙල් ගවේෂණ ඉතිහාසයේ, 2011 වසරේදී මන්නාරම් ද්‍රෝණියෙන් ස්වාභාවික ගෑස් සොයාගැනීම සුවිශේෂී අවස්ථාවක් වූ නමුත්, මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් මින් පෙර එම ව්‍යාපෘති ක්‍රියාත්මක නොවී නැවතී ඇත. කෙසේ වෙතත්, 2021 අංක 21 දරන පෙට්‍රෝලියම් සම්පත් පනත යටතේ නීතිමය රාමුව යාවත්කාලීන කරමින්, රජය මේ වන විට මෙම කටයුතු පුළුල් කිරීමට පියවර ගනිමින් සිටියි.