කුඩු සමග ඇල්ලූ පේරාදෙණිය සරසවි සිසුවාට රැඳවුම් නියෝග
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසර සිසුවෙකු හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහුව දින 05කට රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
පසුගිය මාර්තු 23 වැනිදා විශ්වවිද්‍යාලයීය විනයාරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව පේරාදෙණිය පොලිසිය විසින් සිසුවා අත්අඩංගුවට ගන්නා ලද්දේ සර් අයිවෝ ජෙනිංස් නේවාසිකාගාරයේදීය.
අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවේදී ඔහු සතුව තිබී ඇත්තේ:
හෑෂ් ග්‍රෑම් 85.260
කුෂ් ග්‍රෑම් 11.210
එසේම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 70,240ක මුදලක්ද සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ සිසුන්ටද මත්ද්‍රව්‍ය පානය කරමින් අළෙවි කළ බවට චෝදනා එල්ල වී තිබේ. පේරාදෙණිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටී.