තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Report

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

‘බෙලිඅත්තේ සනා’ නමැති මෙම සැකකරු ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

විදෙස් රටක සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී පසුගියදා පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

‘උනාකුරුවේ ශාන්ත’ නමැති විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන මෙම මත්ද්‍රව්‍ය තොගය බෙදාහැරීමේ ජාවාරම් කටයුතුවල නිරත වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'ටිංකර්' රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'ටිංකර්' රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මෙම මෙහෙයුම යටතේ ‘බෙලිඅත්තේ සනා’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘භූමිතෙලා’ නමැත්තාගේ සමීපතම සහයකයෙකු බව පොලිසිය සඳහන් කරයි.

මීට අමතරව, මත්ද්‍රව්‍ය සඟවා තැබූ බවට සැක කෙරෙන තංගල්ල මාරකොළනිය ප්‍රදේශයේ පිහිටි නිවසක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත. මෙම නිවස ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය සඟවා තබා ගැනීමට යොදාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර, රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සියලු අපරාධ කඩිනමින් මර්දනය කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. හැටන් කම්කරු දිස්ත්‍රික් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

කරන කියන රැකියා සුබ වෙන අද දවසේ මේ ලග්නවලට වස්තුව උතුරයි

කරන කියන රැකියා සුබ වෙන අද දවසේ මේ ලග්නවලට වස්තුව උතුරයි