මත්පැන් භාවිතා කරන්නන් පිළිබඳව භයානක ආරංචියක් - මත්ද්‍රවය හා මත්පැන් ගැන විශේෂ අනාවරණයක්
රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙරට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 80-100ත් අතර ප්‍රමාණයකට දිවි අහිමි වන බවයි. “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය හා ඒ සම්බන්ධ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (28) සිදුවිය.
ඊට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ දිනකට මෙවැනි මරණ සිදුවෙන වෙනත් තනිපුද්ගල හේතුවක් නොමැති බවත් ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන කරුණ වන්නේ දුම්පානය බවත්ය.
මධ්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගල මරණ 10-15ත් අතර ප්‍රමාණයක් සිදුවන බවත් එමෙන්ම මේ වන විට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවත් මීට ප්‍රධානම ආරම්භය ලැබී ඇත්තේ නීතිගත මත්ද්‍රව්‍ය බවත් ඔහු පැවසුවේය.
ඒ අනුව හෙරොයින් පානය කළ පුද්ගලයෙකු හෙරොයින් පානයට පෙර දුම්පානයට ඇබ්බැහි වි ඇතැයිද ගංජා පානය කරන්නෙකුද මින් පෙර දුම්පානය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවටත් අනාවරණය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා මේ සඳහා සාක්ෂි සහ දත්ත පවතින බවද පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා,
"ලංකාවේ බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය භාවිතයට හේතුවක් තමයි මේ නීතිගත මත්ද්‍රව්‍යවලින් ලැබෙන ආරම්භය. ලංකාවේ දොරටු විවර කරලා දෙන ප්‍රධාන මත්ද්‍රව්‍යක් තමයි දුම්පානය. හෙරොයින්වලට භාවිතා කරන අයගෙන් බොහෝ පිරිසක් හෙරොයින්වලට පෙර දුම්පානය භාවිතා කරලා කියන එකට ඇති තරම් සාක්ෂි තියෙනවා. ඒ වගේම තමයි ගංජා භාවිතයට පෙර ගොඩක් අය භාවිතා කරලා තියෙන්නේ එක්කෝ මධ්‍යසාර නැත්නම් දුම්වැටි. මේ වගේ මත්ද්‍රව්‍ය අතර තියෙනවා මෙන්න මේ වගේ සම්බන්ධතාවයක්. දෙවැන්න තමයි මේකෙන් වෙන හානිය. මේ තුළින් ආර්ථික, සමාජීය සහ සෞඛ්‍ය හානිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් කිව යුතුම කරුණු කිහිපයක් තිබෙනවා.
එකක් තමයි සෞඛ්‍යමය පැත්ත ගත්තොත් එක දවසකට වැඩිම ජීවිත ප්‍රමාණයක් නැති කරන තනි හේතුව තමයි මත්ද්‍රව්‍ය. එකෙදි දුම්පානය නිසා ලංකාවේ දිනකට වැඩි ප්‍රමාණයක් ඇතිවන ලෙඩ නිසා මරණයට පත්වෙනවා. ඒ වගේම මධ්‍යසාර නිසා දිනකට 10-15ත් අතර ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම තමයි අනෙකුත් මත්ද්‍රව්‍ය නිසා මිය වන ප්‍රමාණය තාමත් නිසි පර්යේෂණ මගින් තහවුරු කරලා නැති වුණාට අපි ඇස්තමේන්තුගත සාක්ෂි දත්ත බැලුවොත් එහෙම සාමාන්‍යෙයන් 10-15ත් අතර ප්‍රමාණයක් දිනකට මිය යනවා. මේ අනුව සාමාන්‍ය දිනක් අනුව ගත් විට 80-100 අතර ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිසාම ජීවිතය නැතිවෙනවා. මේ මරණ දිහා ගත් විට මෙවැනි මරණ සිදුකරන වෙනත් තනිපුද්ගල හේතුවක් නැති තරම්."