අර්ච්චුනාගේ හැසිරීම ගැන විමර්ශනය කළ වාර්තාව සභාගත කරයි.

By Wayomi Feb 21, 2025 07:10 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිලි සැළකිල්ලට ‍ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායකවරයා නිවේදනය කරනු ලැබුවා.

කථානායකවරයා නිවේදනය කළේ,නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය විජිත හේරත්ගේ සහ රංජිත් මද්දුම බණ්ඩාරගේ සාමාජිකත්‍‍වයෙන් මෙම කමිටුව සමන්විත වූ බවයි.

එමෙන්ම මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවයි කථානායකවරයා කියා සිටියේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද කථානායකවරයා නිවේදනයක් කළා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන ලෙස වරින් වර තමා වෙත යොමු ‍කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩ බලන පොලිස්පති‍වරයා වෙත එම ඉල්ලීම යොමු කර ඇති බව කථානායකවරයා කියා සිටියා.

මඟ බලන් හිටපු දවසක්. - ජපානයෙන් පරණ වාහන දින වෙනස් කර ලංකාවට ගොඩබායි.

මඟ බලන් හිටපු දවසක්. - ජපානයෙන් පරණ වාහන දින වෙනස් කර ලංකාවට ගොඩබායි.

පෙබරවාරියේ පාසල් නිවාඩුවක් ගැන දැනුම්දීමක්.

පෙබරවාරියේ පාසල් නිවාඩුවක් ගැන දැනුම්දීමක්.