මැතිව්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන තරග විනිසුරුවන්ට සැකයක්..
By Piyumika
ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට තරග විනිසුරුවන් වාර්තා කිරීම හේතුවෙන් ඉරියව්ව නිවරදි කර ගන්නා තුරු ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම ඔහුට තහනම්කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී වැඩිම කඩුලු දවාගත්තේ මැතිව් කුනමන් ය.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 16ක් දවාගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන් සමත්වුණි.
You may like this video