රජයේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 40 ක් ගැන ඇහෙන අසුබ කතාව..

Sri Lanka Sri Lanka Cabinet Government Of Sri Lanka Hospitals in Sri Lanka Medicines
By Piyumika Feb 12, 2025 02:59 AM GMT
Piyumika

Piyumika

Report

රජයේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 862 න් ඖෂධ 40 ක් සැපැයීමට සැපැයුම්කරුවන් ඉදිරිපත්වී නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11 වැනිදා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

රාජ්‍යයන් අතර එකඟතාවයෙන් එම ඖෂධ සපයා ගැනීමට ගැනීමට උත්සාහ කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා ඇත.

නවම් පුර පසළොස්වක පොහොය අදයි අද දිනයේ විශේෂත්වය ඔබ දන්නවාද...

නවම් පුර පසළොස්වක පොහොය අදයි අද දිනයේ විශේෂත්වය ඔබ දන්නවාද...

සියලුම ඖෂධ ආනයනකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙරේදා (10 වැනිදා) කැඳවූ බවත්, ඖෂධ සැපැයීම නිසියාකාරව සිදුකරන ලෙස ඔවුන්ට දැනුම් දුන් බවද ඔහු පවසා තිබේ.

වෛද්‍ය සැපැයුම් අංශයට අවශ්‍ය ඖෂධ නිසි වේලාවට තොග නොතිබීම නිසා මෙලෙස ඖෂධ ගැටලුවක් උද්ගතව තිබෙන බවත්, රෝහල්වල සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපැයීම් ගබඩාවල ඖෂධ නොමැති බව ඉන් අදහස් නොවන බවද ඇමැතිවරයා පවසා ඇත.

මල් තුහින වැටෙනවා කිව්ව නුවරඑළියට අයිස් වැටෙයි...

මල් තුහින වැටෙනවා කිව්ව නුවරඑළියට අයිස් වැටෙයි...

තවද  වෛද්‍ය සැපැයුම් අංශයේ ඖෂධ තොගයක් පවත්වාගෙන යායුතු නමුත්, ඖෂධ රැසක් පර්යන්ත රෝහල්වලට සහ ප්‍රාදේශීය ගබඩාවලට යවා තිබෙන බව ද ඔහු පවසා ඇති අතර  නමින් ඉල්ලුම් කරන සමහර ඖෂධවල හිඟයක් විටින් විට පවතින බවත්, වෛද්‍ය සැපයුම් අංශයට මිලදී ගන්නා 862 ක් වන ඖෂධවලත් සැපැයීමේ පවතින දුර්වලතා හේතුවෙන් යම් යම් හිඟතාවයන් පවතින බවද ඔහු කියා තිබේ..

මෙම තත්ත්වය මාස දෙකහමාරකින් නිවැරැදි කිරීමට නොහැකි බවත්, සමස්ථ ඖෂධ සැපැයුම් ක්‍රියාවලිය යථාවත් කිරීමට දළ වශයෙන් මාස නමය හමාරත්, දහයත් අතර කාලයක් ගතවන බවත්, මෙහිදී තැන් ගණනාවකදී දුර්වලතා මතුවීමේ හැකියාව පවතින බවත් එය මේ වනවිට නිවැරැදි කරමින් සිටින බවද ඔහු පවසා තිබේ.

You may like this video

   

ReeCha