යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු හසුවෙයි
කඩවත ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ සැකකරුවෙකු කටාර් රාජ්‍යයෙන් පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (27) කටාර් රාජ්‍යයෙන් ගුවන් යානයකින් දිවයිනට පැමිණි මෙම සැකකරුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ද්විත්ව ඝාතනය 2022 මාර්තු 24 වැනිදා කඩවත පොලිස් වසම තුළ සිදු වූ අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
සැකකරු මීට පෙර මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් පසු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විදේශගත වී තිබුණි.
ඒ අනුව ඔහුට රතු නිවේදනයක් නිකුත් කර තිබුණි. සැකකරු වයස අවුරුදු 32ක් වන සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කඩවත පොලිසිය මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.