ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විරෝධයක්!

By Gagana News Mar 09, 2025 06:47 AM GMT
Report

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පැවැත්වූ අතර ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධය පළ කරමින්ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග රැසකට අත්සන් තැබුවේ සිය දෙවැනි ධුර කාලය අරඹමිනි.

ඒ අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ එම ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රැසකට සිය රැකියා අහිමි කරමින්ය.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට!

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට!

ඒ අනුව විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින් කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී දී විරෝධතාවේ නිරත වී තිබෙන අතර විරෝධතාකරුවන් දහසක් පමණ ට්‍රම්ප්ට එරෙහි මෙම රැළියට එක්ව සිටියේය.

මෙම විරෝධතාව නම් කර තිබුණේ "ස්ටෑන්ඩ් අප් ෆෝ සයන්ස්" (STAND UP FOR SCIENCE) නමින්ය.

විද්‍යාත්මක පර්යේෂණ සඳහා ලබාදෙන ආධාර කප්පාදු කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ට සහ ඔහුගේ සමීපතම පාර්ශ්වකරුවා වන ඊලෝන් මස්ක්ට වෘත්තිකයින්ගෙන් එල්ල වී තිබුණේ දැඩි විරෝධයකි.

ධුරයට පත්වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විපර්යාස සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පියවර ගත්තේය.

සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පළාගිහින්!

සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පළාගිහින්!

ගෝලීය කාලගුණ පර්යේෂණ සඳහා අමෙරිකානු විද්‍යාඥයින් සම්බන්ධ වීම වැළැක්වීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ ඒ සමඟයි.

එමෙන්ම කෘෂි විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ පර්යේෂණායතනයට මෙන්ම ආර්ථික පර්යේෂන සේවයට අනුබද්ධ වෘත්තිකයින් ඉවත් කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය.