කොළඹ - අවිස්සාවේල්ල පාරේ රථවාහන තදබදයක්

Sri Lanka Police Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 04, 2025 10:13 AM GMT
Hashini

Hashini

Report

කොළඹ - අවිස්සාවේල්ල (පරණ පාර) මාර්ගයේ අද (4) ප.ව. 4 සිට පැය 3ක පමණ කාලයක් අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය සඳහන් කරනවා.

බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය ආරම්භකර වසර 106ක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලය සංවිධානය කරන වීථි පෙරහරක් හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇතිවිය හැකි බවයි නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය සඳහන් කර සිටියේ .

අලි ඇතුන් ඇතුළු නර්තන කණ්ඩායම් 25කට ආසන්න ප්‍රමාණයක සහභාගිත්වයෙන් අදාළ වීථි පෙරහර ප.ව. 4ට ආරම්භ කර, නවගමුව සුගතබිම්බාරාමය පුරාණ රජමහා විහාරස්ථානයේ සිට එම විද්‍යාලය දක්වා සංචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, නවගමුව දේවාලය අසල සිට කඩුවෙල දෙසට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 3කට ආසන්න දුරක් රථවාහන තදබදය ඇතිවිය හැකි බවය.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පහත සඳහන් විකල්ප මාර්ගය භාවිතා කරන ලෙසයි.

විකල්ප මාර්ගය -

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ගමන්කරන සියළුම වාහන මාර්ග අංක 143 මාර්ගය ඔස්සේ ගමන් කිරීමටත්,

අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහනවලින් බර වාහන රණාළ සියඹලාගහ හන්දියෙන් හරවා ඔරුවල හන්දියෙන් වෙලේ හන්දිය, කඩුවෙල දක්වාත්,

සැහැල්ලු වාහන නවගමුව හන්දියෙන් වදුරමිමුල්ල සිට කොරතොට කඩුවෙල දක්වාත් ගමන් කිරීමට හැකියාව ඇත. 

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

ReeCha