අගමැතිනියට බය හිතෙන ඊ මේල් පණිවිඩයක්

Report

අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් විද්‍යුත් තැපෑලක් අගමැති කාර්යාලයට ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳව දැනුම් දිමේ දී මෙය ප්‍රකාශ කර සිටියා .

ළිදක් කපනවා කියලා කරන්න ගිහින් තියෙන්නේ වෙන දෙයක්...වැඩේට කාන්තාවකුත් හවුල්

ළිදක් කපනවා කියලා කරන්න ගිහින් තියෙන්නේ වෙන දෙයක්...වැඩේට කාන්තාවකුත් හවුල්

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවයි.  එසේම විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන්, ගූගල් වෙතින් වාර්තාවක් ඉල්ලා සිටි බවත්, එම වාර්තාව ලැබී ඇති බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.   

එම තර්ජනාත්මක විද්‍යුත් තැපෑලෙහි IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇති බව සොයාගෙන ඇති බව අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසූ අතර ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ලැබුණු විගස අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව ද සඳහන් කර සිටියා. 

ආහාර ගැටලුවක් හේතුවෙන් දරුවන් 14000ක් මිය යයි?

ආහාර ගැටලුවක් හේතුවෙන් දරුවන් 14000ක් මිය යයි?