විල්පත්තු වෙරළට ඩොල්ෆින් මළ සිරුරක් ගසාගෙන එයි- ධීවර දැලක පැටලුණු බවට සැක
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කොල්ලන්කනත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට ගසාගෙන ගොස් මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු සොයාගෙන ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
සඳුදාසවස සිදුකළ සාමාන්‍ය මුර සංචාරයකදී විල්පත්තු ජාතික වනෝද්‍යානයට අනුයුක්ත නිලධාරීන් විසින් එම මළ සිරුර හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මූලික පරීක්ෂණවලදී එම ඩොල්ෆින් මත්ස්‍යයාගේ සිරුරේ ධීවර දැලක පැටලීමක් හේතුවෙන් ඇතිවිය හැකි තුවාල වලට සමාන සලකුණු දක්නට ලැබී ඇති බව නිලධාරීහු සඳහන් කරති.
විභාග සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනම් කෙරේ-පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
සිද්ධිය සම්බන්ධයෙන් එළුවන්කුලම් වනජීවී අභයභූමියට දැනුම් දී ඇති අතර, අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් පරීක්ෂණ ආරම්භ කරන බවද ඔවුන් වැඩිදුරටත් පැවසීය.
මෙම සිදුවීම කලාපයේ සාගර ජීවීන්ට ධීවර කටයුතු හේතුවෙන් ඇතිවන බලපෑම පිළිබඳව නැවතත් කනස්සල්ලක් මතු කර තිබේ.