ඩොලරයේ විශාල වෙනසක් නැහැ - රුපියල තවදුරටත් ස්ථාවර මට්ටමක

Report

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (17) ස්ථානීය වෙළෙඳපොළේදී රුපියල් 336.26/30 මට්ටමේ ගනුදෙනු වී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේදී ඩොලරයක මිල රුපියල් 336.25/35 ලෙස සටහන්ව තිබූ අතර, අද දිනයේදී රුපියලේ අගය සුළු වෙනසක් පමණක් පෙන්නුම් කර තිබේ.

ටෙලිග්‍රාෆික් හුවමාරු අනුපාතය අනුව ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අගය රුපියල් 331.80ක් ලෙසත්, විකිණීමේ අගය රුපියල් 340.80ක් ලෙසත් වාර්තා වී ඇත. එමෙන්ම යුරෝ මුදල් ඒකකයේ මිලදී ගැනීමේ අගය රුපියල් 377.0476ක් සහ විකිණීමේ අගය රුපියල් 390.9646ක් ලෙස සටහන් වී ඇති අතර, ස්ටර්ලින් පවුමක මිලදී ගැනීමේ අගය රුපියල් 445.8868ක් සහ විකිණීමේ අගය රුපියල් 459.9324ක් ලෙස දැක්වේ.

මේ අතර, රජයේ බැඳුම්කර වෙළෙඳපොළේ අස්වැන්න අගයන් ද විශාල වෙනසකින් තොරව ස්ථාවරව පැවති බව වාර්තා වේ.

මත්තල ගුවන්තොටුපොළෙන් මහා පරිමාණ පාඩුවක් - දිනකට ලක්ෂ 70 ක අලාභයක් හෙළි වීම සමඟ රටේ සියලුම ගුවන්තොටුපළවල් සම්බන්ධයෙන් තීරණ

මත්තල ගුවන්තොටුපොළෙන් මහා පරිමාණ පාඩුවක් - දිනකට ලක්ෂ 70 ක අලාභයක් හෙළි වීම සමඟ රටේ සියලුම ගුවන්තොටුපළවල් සම්බන්ධයෙන් තීරණ

2029 දෙසැම්බර් 15 වන දින කල් පිරෙන බැඳුම්කරයේ අස්වැන්න සියයට 11.10ත් 11.20ත් අතර අගයක පැවති අතර, එය පෙර දිනයේ සියයට 11.05ත් 11.20ත් අතර විය. 2030 මාර්තු 01 වන දින කල් පිරෙන බැඳුම්කරයේ අස්වැන්න සියයට 11.30ත් 11.38ත් අතර අගයකට ඉහළ ගොස් තිබේ.

2030 මැයි 15 වන දින කල් පිරෙන බැඳුම්කරයේ අස්වැන්න සියයට 11.35ත් 11.50ත් අතර අගයකට පහළ ගොස් ඇති අතර, 2030 අගෝස්තු 01 වන දින කල් පිරෙන බැඳුම්කරයේ අස්වැන්න සියයට 11.50ත් 11.60ත් අතර අගයක වාර්තා වී ඇත. 2032 දෙසැම්බර් 15 වන දින කල් පිරෙන බැඳුම්කරයේ අස්වැන්න සියයට 11.85ත් 12.00ත් අතර අගයක පැවති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

අස්වැසුම ලැබෙන අයට විශේෂ දැනුම්දීමක් - දුරකථන වංචාවලට හසු නොවන්න

අස්වැසුම ලැබෙන අයට විශේෂ දැනුම්දීමක් - දුරකථන වංචාවලට හසු නොවන්න