අස්වැසුම ලැබෙන අයට විශේෂ දැනුම්දීමක් - දුරකථන වංචාවලට හසු නොවන්න

Report

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමේ අරමුණින් වංචනික ක්‍රියා සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් විවිධ දුරකථන අංක භාවිත කරමින් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ඇමතුම් ලබාදෙන බවට තොරතුරු වාර්තා වී තිබේ.

මෙම ඇමතුම් ලබාදෙන පුද්ගලයන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් ලෙස පෙනී සිටින බවත්, ප්‍රතිලාභී තොරතුරු යාවත්කාලීන කිරීම හෝ වෙනත් හේතු සඳහන් කරමින් මුදල් ගෙවන ලෙස ඉල්ලීම් කරන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මෙවැනි ක්‍රියා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් හෝ දැනුවත්භාවයකින් තොරව සිදුකරන වංචනික ක්‍රියා බව එම මණ්ඩලය අවධාරණය කර ඇත. ඒ අනුව, මෙවැනි සැකසහිත ඇමතුම් ලැබුණහොත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි කරන ලෙස ප්‍රතිලාභීන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම, දැනටමත් මෙවැනි ඇමතුම් ලැබී ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ පොලිස් බල ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ද වසම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ජනතාවට සුභ ආරංචියක් - දිට්වා මගින් විනාශ වූවන්ගේ නිවාස කුලී දීමනාව තවත් මාස 3කට

ජනතාවට සුභ ආරංචියක් - දිට්වා මගින් විනාශ වූවන්ගේ නිවාස කුලී දීමනාව තවත් මාස 3කට