මත්තල ගුවන්තොටුපොළෙන් මහා පරිමාණ පාඩුවක් - දිනකට ලක්ෂ 70 ක අලාභයක් හෙළි වීම සමඟ රටේ සියලුම ගුවන්තොටුපළවල් සම්බන්ධයෙන් තීරණ

Report

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් සිදුවන දැවැන්ත මූල්‍ය අලාභය අවම කරගැනීමට මේ වන විටත් ආයෝජන යෝජනා කැඳවා තිබෙන අතර, ඊට අදාළ සියලු කටයුතු 2027 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී මෙම ගුවන්තොටුපොළ දිනකට රුපියල් මිලියන 6ත් 7ත් අතර අගයකින්, එනම් වසරකට රුපියල් බිලියන 4කට ආසන්න මහා පරිමාණ පාඩුවක් ලබන බව හෙළි විය.

එම තත්ත්වයෙන් මිදීමට සකස් කළ විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක් ද මෙහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු මෙම විශේෂ සාකච්ඡාවේදී අදාළ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල වත්මන් ක්‍රියාකාරීත්වය මෙන්ම 2027 අයවැය යෝජනා පිළිබඳවද දීර්ඝ ලෙස කරුණු විමසා ඇත.

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

එහිදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක සංවර්ධන සැලැස්ම යටතේ, පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තයක් ඉදිකිරීම මෙන්ම ඩිපෝ ප්‍රසාරණය කිරීමේ කටයුතු ද 2027 වසර තුළ නිම කිරීමට නියමිත බව සඳහන් විය.

තවද හිඟුරක්ගොඩ ඇතුළු දිවයිනේ අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සිවිල් මගී මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධ සමාලෝචනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම යාපනය ගුවන්තොටුපොළේ මගී පර්යන්තය නවීකරණය කරමින් පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු දැනටමත් අරඹා ඇති අතර, කොළඹ වරාය ආශ්‍රිත Logistic Park ව්‍යාපෘතිය, දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම, බටහිර පර්යන්තයේ දෙවැනි අදියරේ කටයුතු මෙන්ම වරාය සේවාවන් ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

අද පෙරවරු 5.30ට ලංකාවටම නිවේදනයක් - උතුරෙන් පටන් ගෙන බස්නාහිර තෙක් වලංගුයි

අද පෙරවරු 5.30ට ලංකාවටම නිවේදනයක් - උතුරෙන් පටන් ගෙන බස්නාහිර තෙක් වලංගුයි

එම අවස්ථාවේදී ජනාධිපතිවරයා නිලධාරීන්ට අවධාරණය කළේ රාජ්‍ය ආයතන සතු මූල්‍ය ශක්තිය නිසි ලෙස කළමනාකරණය කරමින්, මහජන බදු මුදල්වලට බරක් නොවන ලෙස ජාතික භාණ්ඩාගාරයට උපරිම දායකත්වයක් ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

එම අවස්ථාවට වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියා.

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

අද දවසේ වෘෂභ, කන්‍යා, මකර ලග්නවල අය ඉතා ප්‍රවේශම් විය යුතු අතර සෙසු ලග්න හිමියන්ට වෙන්නේ මේකයි - සියලු ලග්න පලාපල

අද දවසේ වෘෂභ, කන්‍යා, මකර ලග්නවල අය ඉතා ප්‍රවේශම් විය යුතු අතර සෙසු ලග්න හිමියන්ට වෙන්නේ මේකයි - සියලු ලග්න පලාපල