ඩොලරය හමුවේ රුපියල නැවතත් ඉදිරියට- ප්‍රධාන බැංකු කිහිපයකම අද ඩොලර් මිල ගණන් මෙන්න

Report

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (10) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතිකය රු. 339 ක් ලෙස ස්ථාවරව පවතී.

සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 331.25 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතිකය රු. 340.50 ක් ලෙසද නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය පිළිවෙලින් රු. 330.85 ක් සහ රු. 339.85 ක් ලෙස නොවෙනස්ව පවතී.

දවසින් දවස උඩ පහළ යන රන් වෙළඳපොළේ නවතම මිල ගණන් මෙන්න - අද පවුමක් ගන්න නම් මෙච්චරක් ඕනේ

දවසින් දවස උඩ පහළ යන රන් වෙළඳපොළේ නවතම මිල ගණන් මෙන්න - අද පවුමක් ගන්න නම් මෙච්චරක් ඕනේ

මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 331.27 සිට රු. 331.07 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතිකය ද රු. 339.48 සිට රු. 339.28 දක්වා පහත වැටී ඇත.

කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 329.55 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතිකය රු. 339.50. සම්පත් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රු. 331.75 සිට රු. 331.50 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය ද රු. 339.75 සිට රු. 339.50 දක්වා අඩු වී ඇත.