බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව
පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටුනු වෛද්‍යවරියක් රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින 14කට පසුව මිය ගොස් ඇත.
ඒ අනුව පැල්මඩුල්ල පොලිසිය වාර්තා කළේ රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇය රත්නපුර මොරගහයට පදිංචිව සිටි මදාරා මධුභාෂිනි නැමති තිස් දෙහැවිරිදි එක්දරු මවක වූ වෛද්‍යවරියක් බව පවසයි.
ඉකුත් 19 වැනිදා අඳාළ වෛද්‍යවරිය සේවය නිමකර පෞද්ගලික මගී බස් රථයකින් නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල පොලිස් ස්ථානයය ආසන්නයේදී මෙසේ බස් රථයෙන් ඇද වැටී ඇත.
මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ත්‍රීරෝද රථයක් එක්වර මාර්ගය හරහා දැමීමට යෑමේදී බස් රථ රියැදුරා තිරිංග තද කිරීමේදී වෛද්‍යවරිය දොරටුවෙන් විසිවී ගොස් මාර්ගයේ ඇද වැටී ඇති බවයි.
ඒ අනුව ඉකුත් 1 වන දින මියගිය එම වෛද්‍යවරියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිත බව සඳහන්.
එසේම රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් මියගිය වෛද්‍යවරියගේ සැමියා වන නාවික ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවයේ නිරත කේ.ඩී. චාලිත මදුශංක මහතා සඳහන් කළේ අනතුර සිදු වූ දින තමන් විදෙස්ගතව නැවක සේවය කරමින් සිටි බවත් බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදුන් විට,"වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන්, බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම්" යනුවෙන් ඇය කියූ බවත්, එහෙත් ඇයගෙන් ප්‍රතිචාරයක් නොතිබි නිසා ඇයගේ සහෝදරියට ඇමතූ විට අනතුර සම්බන්ධයෙන් දැනගත් බවත් ඔහු පැවසුවා.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
"මිය ගොස් සිටින්නේ මගේ බිරිඳ. ඇය රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරනවා. අපට අවුරුදු එකයි මාස පහක දියණියක් සිටිනවා. මෙම අනතුර සිදු වූ දවසේ එනම් 19 වැනිදා බිරිඳට දුරකතන ඇමතුමක් දුන්නා. ඒ වෙනකොට මම හිටියේ ඇමරිකාවේ නැවක සේවය කරමින්. මම ඇමතුම ලබා දුන් අවස්ථාවේ බිරිඳ කිව්වා වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් ඉන්නේ බස් එකෙන් බහින්නයි හදන්නේ බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කියා. පැය බාගයක විතර කාලයක් ගත වුණත් ඇය මට නැවතකෝල් එකක් දුන්නේ නැති නිසා. මම ඇයගේ ජංගම දුරකතනයට දිගින් දිගටම ඇමතුම් ලබා ගත්තත් ඇය ප්‍රතිචාර දැක්වුයේ නැහැ. ඒ නිසා බිරිඳගේ සහෝදරියක වන සමේෂාට දුරකතන ඇමතුමක් දුන්නා. ඒ අවස්ථාවේ ඇය කිව්වා අක්කා බස් එකෙන් වැටිලා පැල්මඩුල්ල රෝහලට රැගෙන ගිහින් තියෙනවා කියා. මම පසුගිය 22 වැනිදා ලංකාවට ආවා. ඒ වෙන කොට ඇය රත්නපුර ශික්ෂණ රෝහලේ අංක දෙක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. බිරිඳට බරපතළ බව වෛද්‍යවරුන් මාත් එක්ක කිව්වා. ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මධ්‍යම රාත්‍රියේ මිය ගියා. මෙය අනතුරකින් සිදු වූවක් බවට මා දන්නවා. වෙනත් සැකයක් නැහැ." යනුවෙන්.