කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිළිපැනීමෙන් දහවල් දුම්රිය කිහිපයක් අවලංගු වේ..

Report

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිළිපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බවයි.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කුරුල්ලන් සහ උරගයින් ජාවාරමේ නිරත වුවන් ඇල්ලූ විශේෂ මෙහෙයුම..

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කුරුල්ලන් සහ උරගයින් ජාවාරමේ නිරත වුවන් ඇල්ලූ විශේෂ මෙහෙයුම..

පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.35 ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේදී එම ඇතුල් කිරීමේ පිලී පැනීමකට ලක්ව ඇත.

 මුහුදුබඩ මාර්ගයේ මාර්ගයන් දෙකම අවහිර වි ඇති හේතුවෙන් අද (09) දහවල් ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගු වූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

නාදුනන කාන්තා මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගනී..

නාදුනන කාන්තා මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගනී..

ඒ හේතුවෙන් ගාල්ල දෙස සිට ධාවනය වන දුම්රිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් කෙරේ.

කෙසේවෙතත් මේ දක්වාත් දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර නොමැති අතර ඒ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇති බව වාර්තා වෙයි.