මාලිමාව සහ ස්වාධීන කණ්ඩායම් අතර කොළ එළියක්... සජබෙට කොළඹ ගිලිහෙන ලකුණු

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අඳාළ සාකච්ඡාව අද (19) දින පස්වරුවේ පැවැති බවට තොරතුරු සඳහන්.

අනුදිත් ඉන්න රූ රැජිණ තරගය ඇති හයිද්‍රාබාද් වලට ISIS ප්‍රහාරයක්?

අනුදිත් ඉන්න රූ රැජිණ තරගය ඇති හයිද්‍රාබාද් වලට ISIS ප්‍රහාරයක්?

ඒ ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේ දීයි.

සිදු කළ සාකච්ඡාවෙන් පසු ස්වාධීන මන්ත්‍රීවරුන් තමන් කොන්දේසි විරහිතව ජාතික ජන බලවේගයට පාලනය පිහිටීම සඳහා සහාය දෙන බව මාධ්‍ය හමුවේ කියා සිටි බවට ද වාර්තා වේ.

එවැනි තත්ත්වයක් මත ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආසන්නතාවයක සිටින අතර ඒ සඳහා ස්වාධීන කණ්ඩාම්වල මන්ත්‍රීවරුන් පමණක් ප්‍රමාණවත් වන්නේ නැත.

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

එසේම කොළඹ නගර සභාවට ස්වාධීන මන්ත්‍රීවරුන් නව දෙනෙකු තේරී පත්වී ඇති අතර ජාතික ජන බලවේගය ආසන හතළිස් අටක් දිනා සිටි‍යි.

එහෙත් කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට නම් ආසන පනස් නවයක් අවශ්‍ය වේ.