"..සමාජය මාව ලොකු මඩ ප්‍රහාරයකට සහ ලොකු පීඩනයකට පත් කළා.." දිනක්ෂි අතිශය සංවේදී වූ හේතුව..

Gossip Today Actors Dinakshie Priyasad Saranga Disasekara SL Actress Gossips
By Sewvandhi Sep 10, 2024 11:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිනක්ෂි... ආදරය කියන්නේ මොකක්ද... ආදරයට පොඩි නිර්වචනයක් දෙන්න?

ආදරය කියන්නේ මට හිතෙන විදිහට තමන්ට තමන් වෙන්න අවකාශය හදලා දෙන එකටයි.

ජීවිතේදී ආදරය වැඩිපුරම දැනෙන තැන් මොනවාද?

එක්තරා තැනකදී ආදරය මගේ ජීවිතයට ගොඩක්ම දැනුණා. මගේ ජීවිතේ එක තැනකදී බොහෝ දෙනා මට විරුද්ධව නැගී හිටියා. මම නොකරපු දේවල් ගැන කියමින් සමාජය මාව ලොකු මඩ ප්‍රහාරයකට සහ ලොකු පීඩනයකට පත් කළා. ඇත්තටම ඒ වෙලාවේදී මම පුදුම විදියට දුක් වුණා. මගේ හිත රිදුණා. ඒ වෙලාවේදී මම ආදරය කරන කෙනා මාව හයියෙන් අල්ලගෙන හිටියා. ඒ ආදරේ මට ගොඩක්ම දැනුණා. ඒ වගේම මට ඇත්තටම ආදරේ කරන පිරිසක් නොවෙනස්ව මාත් එක්ක හිටියා. අදටත් ඒ අය ඉන්නවා. මම හිතින් වැටුණු වෙලාවෙ ඒ අය නොවෙනස්ව මාත් එක්ක හිටියා. ඒ තැන්වලදී මට ආදරේ වැඩියෙන්ම දැනුණා. ඒ වගේම මගේ පවුල හැම තප්පරයකදීම මට ආදරය ලබා දුන්නා. කොයි තැනකදිවත් ඒ ආදරේ වෙනස් වුණේ නැහැ. ඒ නිසා ඒ ආදරේ අමුතුවෙන් දැනෙන්න දෙයක් නැහැ. ඒ ආදරේ හැමදාමත් එක වගේමයි.

ආදරය වැඩියෙන් දැනෙද්දි ඔයා ඒ ආදරයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?

ඒ ආදරයට මම ප්‍රතිචාර දක්වන්නේ ඊටත් වැඩියෙන් ලබා දෙන ආදරයෙන්ම තමයි. මට ආදරය කරන අයට කොහොමත් මම ආදරෙයි. ආදරය නැතිවුණත් මම ඒ කාටවත් වෛර කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ආදරයෙන්ම හැමදේම සුවපත් වෙනවා කියලා මම විශ්වාස කරනවා.

ආදරය අහිමිවෙන තැන්වලදී දරාගත්තේ කොහොමද?

එහෙම තැන්වලදී මම අඬනවා. මට දුක හිතුණාමත්, තරහ ගියාමත් සතුටටත් අඬනවා. මම සාමාන්‍යයෙන් එහෙම කෙනෙක්. පොඩි දේටත් ඇඬෙන ටිකක් සංවේදී කෙනෙක්. ආදරය අහිමි වෙද්දී සමහර වෙලාවට මම සින්දු අහනවා. චිත්‍රපට බලනවා. ඒවාත් එක්ක සමහර වෙලාවට තියෙන ප්‍රශ්න මොහොතකට හරි අමතක වෙනවා. එහෙම නැත්නම් ඒ දුක නිවෙනතුරු අඬනවා.

ආදරයේ දි කෙනෙක් දිනක්ෂිගේ හිත රිදෙව්වොත් ඔයාට හිතෙන දේවල් සහ ඒ හැඟීම් කොහොමද?

ලන්ඩන් ගිය ශනුද්‍රි මොකක්ද මේ කරලා තියෙන්නේ - සමාජ මාධ්‍ය කළඹවමින් එළියට ආ ඡායාරූප..(PHOTOS)

ලන්ඩන් ගිය ශනුද්‍රි මොකක්ද මේ කරලා තියෙන්නේ - සමාජ මාධ්‍ය කළඹවමින් එළියට ආ ඡායාරූප..(PHOTOS)

කවුරු හරි මගේ හිත රිදෙව්වොත් මම ඒ නිසා ඒ කාගෙවත් පලි අරගෙන නැහැ. මාව රිදවපු කෙනාව මම රිද්දවන්න උත්සාහ කරන්නේ නැහැ. මගේ හිත රිදීම මම කොහොම හරි දරාගෙන ඉන්නවා. ඒ වගේ වෙලාවට මම ගොඩක් වෙලාවට යාඥා කරනවා. ඒ මොහොතේ දී දැනෙන දුකින් ගැලවෙන්න උදව් කරන්න, කියලා මම ජේසුස් වහන්සේගෙන් ඉල්ලනවා. ඒ වෙනුවෙන් මම යාඥා කරනවා. මම කතෝලික කෙනෙක්. හැබැයි මම කර්මය යම් තරමකට විශ්වාස කරනවා. බුදු දහමේ කියන දේ මම විශ්වාස කරනවා. ඒ නිසා කවදා හරි කවුරු හරි මගේ හිත රිදවන්නෙ කවුරු හරි කොතැනක හරි මමත් එහෙම දෙයක් කරලා තියෙන නිසා වෙන්න ඇති කියලා හිතන්න මට පුළුවන්. ඒ නිසා කර්ම ඵල මම ටිකක් විශ්වාස කරනවා.

ආදරය කරන කෙනකුට දෙන්න ආසම තෑග්ග මොකක්ද?

මම වැඩිපුරම තෑගි දෙද්දි ඒ කෙනාට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න උත්සාහ කරනවා. විසිතුරු භාණ්ඩ දෙන්න ඒ තරම් කැමැත්තක් නැහැ. මම දෙන තෑගි පාවිච්චි කරනවනම් මම ආසයි. එතකොට එයාට ඒ තෑග්ගෙන් ප්‍රයෝජනවත් දෙයක් වෙනවා කියලා මම දන්නවනේ. මම ඔය විසිතුරු භාණ්ඩ, පින්තූර රාමු දෙන්නෙම නැති තරම්. ඇඳුම්, සුවඳ විලවුන් දෙන්න හරි කැමතියි. ඒවා පාවිච්චි කරද්දි, ඒ සුවඳ මට දැනෙද්දි, මම ආසයි. ඒ වගේම මම පුදුම කරවන්න (Suprise) හරි ආසයි. ඒ වෙලාවට දැනෙන අමුතුම හැඟීම මම දන්න නිසා මම ආදරේ කරන අයව පුදුම කරවන්නත් ආසයි.

ආදරය නිසා හිත් රිදුණු තැන්වලදී ජීවිතේ තනිවෙන්න හිතුණු තැනක් තියෙනවද?

ආදරය නිසා මට තනිවෙන්න හිතුණු තැනක් නැහැ. ආදරේ නැතිවුණාම නම් තනිවෙන්න හිතිලා තියෙනවා. කොහොමටත් ප්‍රශ්නයක් ඇතිවුණු වෙලාවට මට තනිවෙන්න හිතිලා තියෙනවා. ආදරේදී විතරක් නෙවෙයි, වෙන ප්‍රශ්න ආවාමත් මම පොඩ්ඩක් තනිවෙන්න කැමතියි. මගේ තීරණ ගන්නේ මමමයි. ඒ නිසා ඒ තනිවෙන මොහොතේ දී කළ යුත්තේ මොකක්ද කියලා මම තීරණය කරනවා.

ආදරය කියන්නේ සංසාර බැඳීමක් කියලා විශ්වාස කරනවද?

ඒ ගැන නම් මම දන්නේ නැහැ. මොකක් හරි තැනක බැඳීමක් ඇති. හැබැයි මම ඒ ගැන ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. මම මේ මොහොතේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. අද මට ලැබිලා තියෙන දේවල් මම විඳිනවා. ආදරයට මම හරි ආදරෙයි. - උපුටාගැනීමක් .