ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අද විශේෂ දිනයක්..මුළු රටම බලාසිටින හේතුව මෙන්න.

Report

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් පසු ඉදිරියේදී පුහුණුකරුවෙකු ලෙස ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටිනවා.

වසර 14ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ගාල්ලදී කැඳවා තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවෙමින්, දිමුත් මේ බව අනාවරණය කළේ ය.

රට පුරා ඔන්මැක්ස් යළි කරළියට එයි..ලක්ෂ ගණන් සල්ලි දාපු අය අවධානයෙන් ඉන්න..

රට පුරා ඔන්මැක්ස් යළි කරළියට එයි..ලක්ෂ ගණන් සල්ලි දාපු අය අවධානයෙන් ඉන්න..


වෝන් - මුරලි කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව දෙවැනි ටෙස්ට් තරගය අද පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න ජගත් ක්‍රිකට් දිවියට සමුදීම ද මෙම තරගයෙන් පසු සනිටුහන් කිරීම විශේෂත්වයක්.

ගාල්ලේදී 2012 වසරේදී ටෙස්ට් වරම් හිමිකර ගත් දිමුත් සිය අවසන් ජාත්‍යන්තර තරගයට ද ගාල්ලේදී එක්වෙද්දී ඒ වෙනුවෙන් ගාලු ක්‍රීඩා පිටිය හැඩ කර තිබෙන බවයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

මෙය දිමුත්ගේ සියවැනි ටෙස්ට් තරගයද වීම විශේෂත්වයක්.

අද මේ ලග්න වල අය දැඩි ඉවසීමෙන් වැඩ කරන්න..ලග්න කිහිපයකට ටිකට් එකක් ගන්නත් ශුභයි.(VIDEO)

අද මේ ලග්න වල අය දැඩි ඉවසීමෙන් වැඩ කරන්න..ලග්න කිහිපයකට ටිකට් එකක් ගන්නත් ශුභයි.(VIDEO)


පළමු ටෙස්ට් තරගයෙන් දරුණු පරාජයක් අත් විඳ ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගයට පිවිසෙන්නේ දිමුත්ගේ සමුගැනීමේ සාදය ජයග්‍රහණයකින් වර්ණවත් කිරීමේ අරමුණ ඇතිවය.

ගාලු පිටියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවෙමින් දිමුත් සිය සමුගැනීම නිල වශයෙන් ඊයේ දිනයේ නිවේදනය කළේ ය. 

You May Like This Video