ඉරාන අධ්‍යාත්මික නායක කමේනිගේ අභාවය ගැන දිලිත් දුක් වෙයි
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉරාන තානාපති කාර්යාලයට පැමිණ තිබේ.
තවද දිලිත් ජයවීර මහතා ෆේස්බුක් සටහනක් තබමින් සදහන් කර තිබෙනුයේ අල් කුමේනි ශ්‍රී ලාංකික අපගේ කළණ මිතුරෙකු වන බවත් මෙරට තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම සඳහා බොහෝ උපකාර කළ අයෙකු වන බවයි.
දිලිත් ජයවීර මහතා මෙහිදී අවධාරණය කර තිබෙනුයේ එතුමා ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු වන බවයි.
ඉරාන අධ්‍යාත්මික නායක, අයතුල්ලා අල් කමේනිගේ අභාවය පිළිබඳ තමා බලවත් කණගාටුවත් විරෝධයත් පළ කළ කරන බව එතුමා සදහන් කර ඇත එතුමාට ස්වර්ග සුවය ප්‍රාර්ථනා කරන බවත් දිලිත් ජයවීර මහතා තව දුරටත් සදහන් කරයි.