මොකද වුණේ ? පාසල් සිසුවා පිහිනුම් තටාකයේම මරුට
පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට යෑමේදී පිහිනුම් තටාකයේ ගිලී මියගොස් ඇත.
මියගිය සිසුවා ඔහුගේ මිතුරන් සමග පාසල් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි අතර ක්‍රිකට් පන්දුව පාසලේ පිහිනුම් තටාකයට වැටී ඇත.
මියගිය සිසුවා තටාකයට පැන පන්දුව ගැනීමට කල උත්සාහයේදී මෙලෙස මියගොස් ඇත.
වයස අවුරුදු 17ක් වන දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවා මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.
දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර මෘත ශරීරය බතිගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.