පන්ති නිම වී නිවසට පැමිනෙමින් සිටි දුලාශී සදහටම යන්න යයි..
By Piyumika
පසුගිය 27වැනිදා බිබිල මොනරාගල මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරින් තුවාල ලබා රෝගල් ගත කළ සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වි තිබේ .
මෙම සිසුවියන් දෙදෙනා උපකාරක පංතියකට සහභාගී වී සවස පහට පමණ බිබිල මොනරාගල මාර්ගයේ විදුහල ඉදිරිපිට රෙදිපිළි අලෙවි සලක් ඉදිරිපිට පාර අයිනේ තාර ගැට්ට අසල රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ පැමිණි මෝටර් රථයේ රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වී රථය මෙම සිසුවියන් දෙදෙනාගේ ඇගේ වැදී ඇත .
බරපතල තුවාල ලැබූ සිසුවියන් දෙදෙනා බිබිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දුලාෂි කේෂලා නම් අවුරුදු 15ක සිසුවිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වනුයේ.