බදු ගෙවන ඔබටයි මේ දැනුම් දීම..
By Piyumika
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය .
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්. ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරීක්ෂාවන්ට ලක්වී සිටින බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය කර තිබෙන බැවින් ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන ලෙස ඇය එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී තිබේ.