ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට
රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙතට ඇල්ල වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථ රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂාව සදහා යොමු කර ඇත.
රුධිර සාම්පල අද දිනයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට හේතුව රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සදහා බව පොලිසිය පවසයි.
4වන බ්‍රහස්පතින්දා රාත්‍රීයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව අසල බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් වූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලැබූ අතර අනතුරින් බස් රථයේ රියදුරු ද මියගිය අතර ඔහු අනතුර සිදුවන අවස්ථාවේ යම් මත්ද්‍රව්‍යයක් පානය කර සිටියාද යන සැකය ගැන සොයා බැලීම සඳහා මෙසේ රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇත.